දේශීය

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (28) දිනයේදී පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40 කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

එම කලාප සඳහා පස්වරු කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.

CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවෙනු ඇත. මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතය.

Related posts

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵළ නිකුත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට සහ විභාග කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

Leave a Comment