දේශීය

අරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම ගැන ජනපති කියයි

(UTV | කොළඹ) – අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමාව පිළි ගනු ලැබිණ.

සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිතුමා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.

Related posts

විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ සියලු දේවල් වත්මන් ආණ්ඩුව කරනවා – හිටපු ඇමති ඩයනා ගමගේ

Editor O

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

පරාටේ නීතිය වසර 5කට අත්හිටුවන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment