දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

Related posts

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නැත

Mohamed Dilsad

මාස 3ක බිලිඳෙක් ද සමගින් ඊයේ මෙරටින් කොවිඩ් මරණ 26ක්

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් නවතම මිල ගණන් නිවේදනය කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment