දේශීය

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර ඇතැයි එරට වාර්තා පවසනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇති බවයි එරට වාර්තා තහවුරු කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණා.

එවැනි තත්වයක් හමුවේදීයි සිංගප්පූරුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට රැඳී සිටීමට තවත් දින 14 ක කාලයක් දී ඇත්තේ.

Related posts

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

Mohamed Dilsad

අධික ශබ්දයෙන් නලා නාද කරන රියදුරන්ට නීතිය දැඩිවෙයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

Leave a Comment