දේශීය

ධම්මික අද අවසන් තීරණය ගනී

(UTV | කොළඹ) – හිටපු ඇමති ධම්මික පෙරේරා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වන බවට පළ වූ මාධ්‍ය වාර්තා සමග පුරප්පාඩු මන්ත්‍රී ධූරයට තමන් පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විශාල පිරිසක් ඉල්ලා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස පත් කරන ලැබුවේ බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට යි.

කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (ජූලි 25) ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පවත්වන බව ද ඊට පොදුජන පෙරමුණු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

කතානායකට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment