දේශීය

ගාලුමුවදොර ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකී

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු තමන්ව දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.

ඒ අනුව නීතිඥ නුවන් බෝපගේ ඇතුලු කිහිප දෙනෙක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිටින ස්ථානයද දැනුවත් කළ යුතු බවද ඔහු නිවේදනයේ සඳහන් වන්නේ.

එසේම තමන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ අතර යුද හමුදාපතිවරයාට පණිවුඩයක් යවා මේ පිළිබදව දැනුවත් කළ බවත් අනවශ්‍ය ලෙස බලය යොදා ගනීමෙන් මෙරට පිළිබදව ජාත්‍යාන්තරය තුළ ඇති ප්‍රතිරූපය වර්ධනය නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රී 8 ට යළිත් පනවයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිිියාට ඇප නැහැ

Editor O

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment