දේශීය

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

(UTV | කොළඹ) – පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා සමඟ මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

දැනට ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණ ද එම සැපයුම ප්‍රමාණවත් නොවන බවයි ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

ලංගම හරහා ලබාදෙන ඉන්ධන මඟින් ධාවනයට එක් කළ හැකි වන්නේ බස් රථ 1,500 ත් 2,000 ත් අතර බස් රථ සංඛ්‍යාවක් පමණක් වන අතර, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට කඩිනමින් විකල්ප වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.

Related posts

ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ සිට තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment