දේශීය

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – පෙරේදා (ජූලි 9) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල පැවති විරෝධතාව වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහර දීමේ සිදු වීමට අදාළව සහ එම පහරදීම වැළක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ. ලියනගේගේ වැඩ තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහා ම ක්‍රියාත්මක වන පරිදි ආර්.ඒ. ලියනගේ වැඩ තහනමට ලක් කර ඇති බව ය.

Related posts

ව්‍යවස්ථා සංශෝධනය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

Editor O

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

Editor O

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment