දේශීය

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගෝස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඒ අනුව නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.

පසුගිව වසරේ පැවැත්වීම නියමිතව තිබූ උසස් පෙළ විභාගය මේ වසරේ පෙබරවාරි මස 7 වන දා සිට පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටියේය.

Related posts

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

Mohamed Dilsad

5000 දීමනාව ලබා දිය යුතු කාණ්ඩ 7ක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment