දේශීය

කන්දකාඩු රැඳවියාගේ මරණයට හමුදා සාමාජිකයින් 04ක් අත්අඩංගුවට

(UTV | පොළොන්නරුව) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධියට සැකපිට එම මධ්‍යස්ථානයේ සේවයක කළ හමුදා නිලධාරීන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් හතරදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රැඳවියන්ට මොවුන් විසින් අමානුෂික ලෙස පහරදුන් බවට සැක කෙරෙන උණ පතුරු සහ ඝනකම් විදුලි රැහැන් කිහිපයක් ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මියගිය බව කියන තරුණයාගේ සිරුර ඔහුගේ බාල සහෝදරයා සහ යහළුවන් විසින් හඳුනාගෙන ඇති බවද සඳහන්.

Related posts

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

දැවි තෙල් කර්මාන්තයේ නියැලෙන්නන්ට හෙට සිට නව නීති

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment