දේශීය

කන්දකාඩු රැඳවියාගේ මරණයට හමුදා සාමාජිකයින් 04ක් අත්අඩංගුවට

(UTV | පොළොන්නරුව) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධියට සැකපිට එම මධ්‍යස්ථානයේ සේවයක කළ හමුදා නිලධාරීන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් හතරදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රැඳවියන්ට මොවුන් විසින් අමානුෂික ලෙස පහරදුන් බවට සැක කෙරෙන උණ පතුරු සහ ඝනකම් විදුලි රැහැන් කිහිපයක් ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මියගිය බව කියන තරුණයාගේ සිරුර ඔහුගේ බාල සහෝදරයා සහ යහළුවන් විසින් හඳුනාගෙන ඇති බවද සඳහන්.

Related posts

ගුරුවරු 23,000 ක් බඳවා ගැනීමේ තීරණයක්

Editor O

දිවුුරුම් දුන් ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න

Editor O

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

Mohamed Dilsad

Leave a Comment