දේශීය

උද්ධමනය වාර්තාවක් තබයි

(UTV | කොළඹ) – කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් තිබේ.

ශ්‍රි ලංකා මහ බැංකු සදහන් කළේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මෙලෙස ජුනි මාසය තුළ සියයට පනහ ඉක්මවා උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බවය.

ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ මැයි මාසයේ පැවති සියයට 14.2 අගය ජුනි මාසය අවසන් වන විට සියයට 18.4 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආහාර මිල ගණන් ද එම මාසය තුළ 80%කින් ඉහළගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම 42.4% ක් බවය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන බලපෑමක් සිදු කර ඇති අතර සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් අහාර මිල ගණන් ඉහළ යාමද මීට හේතු වී තිබේ.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

අගමැතිගේ ඉතාලි සංචාරය ගැන නිවේදනයක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment