දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳ දැනුම්දීමක්

(UTV |කොළඹ ) – 2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

තවද 2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

Related posts

පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීමට කිසිදු තහනමක් නැහැ

Mohamed Dilsad

ජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment