දේශීය

ජුලි 31 වනවිට ගෑස් හිඟය අවසන් – ලිට්‍රෝ

(UTV | කොළඹ) – ඉදිරි මාස 4 සඳහා මෙරටට අවශ්‍ය ගෑස් අඛණ්ඩව සපයාගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (30) ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තැබීය.

ඒ, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීම සඳහාය.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ ජුලි 31 වනදා වනවිට ගෑස් හිඟය සම්පූර්ණයෙන් අවසන් කළ හැකි වන බවය.

එම සමස්ත ගෑස් තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 90 කි.

මේ සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 70ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම විසින් ගෙවා තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා,

“ජූලි මස 06 වනදා ටොන් 3,700ක පළමුවැනි ගෑස් තොග රැගත් නෞකාව පැමිණෙනවා. ජූලි මස 10 වනදා තවත් ටොන් 3,700ක ගෑස් තොග රැගත් නෞකාවක් පැමිණෙනවා. ඒවාට අවශ්‍ය පෙර ගෙවීම් කර අවසන්. තවත් නැව් කිහිපයක් ජූලි 16, 20, 22, 24, 27 සහ 31 යන දිනයන් හිදී පැමිණීමට නියමිතයි. ජුලි 31 වන විට ගෑස් හිඟය අවසන් කරන්න ලිට්‍රෝ සමාගමට හැකිවනවා.”

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාව වටා මුහුදේ ඇත්තේ බොර තෙල් නොවේ

Mohamed Dilsad

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment