දේශීය

මීගමුවෙන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න ගිය 47 ක් නාවික හමුදා භාරයට

(UTV | කොළඹ) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් 47 දෙනෙකු මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුකල සෝදිසි මෙහෙයුමකදීයි බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි මෙම පිරිසා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, වැඩිහිටි කාත්තාවන් 06 ක් සහ ළමුන් 07 ක් ඒ අතර වුණා.

වයස අවුරුදු 01 ත් 50 ත් අතර වයසේ පසුවන සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළා.

Related posts

අයවැය 2025 කාරක සභා විවාදය අද (27) සිට ඇරඹේ

Editor O

පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක අධ්‍යක්ෂ වහාම පාර්ලිමේන්තුවට කැඳවන්නැයි පක්ෂ නායකයන්ගෙන් කථානායකට ඉල්ලීමක්

Editor O

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment