දේශීය

සපුගස්කන්ද යළි වැසීයෑමේ දැඩි අවදානමක්..

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් හිඟවීම මත සතියක් පමණ කාලය ඇතුළත එම පිරිපහදුව වැසීයෑමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇතැයි එම පිරිපහදු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේ වුවහොත් යළි තෙල් පිරිපහදු ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම ඇනහිටින බව ද ඒ හේතුවෙන් රට මුහුණදී ඇති ඉන්ධන අර්බුදය තවත් ඔඩුදුවන බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග අනතුරු අඟවනු ලැබීය.

මෙලෙස විටින් විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාම එහි ජීව ගුණයට ද ප්‍රබල තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

Related posts

මානව හිමිකම් කඩ කළ පොලිස්කාරයෙක් එළියට දාන්න අධිකරණයට පුළුවන් – බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා

Editor O

බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් 05 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

මාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායක

Editor O

Leave a Comment