දේශීය

බේකරි 3500ක් වැසේ – පාන් බනිස් කෑමත් අඩුවෙලා

(UTV | කොළඹ) – දිවයිනේ සමස්ත බේකරි අතරින් 3500ක් පමණ මේ වන විට වැසී ගොස් බේකරි කර්මාන්තයේ ඝෘජු හා වක්‍ර රැකියාවල යෙදුණු ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට සිය රැකියා අහිමිවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවැසීය.

ගෑස්, ඩීසල් සහ භූමිතෙල් හිඟය නිසා බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. බේකරි හිමියන් බැංකුවලින් ලබාගත් ණය පවා ගෙවා ගැනීමට අපහසු තත්ත්වයට පත්ව සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.

බේකරි හිමියන් මුහුණපාන ගැටලු සඳහා යම් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස අගමැතිවරයාට ලිපි දෙකක් යවා තිබෙන බවත්, ඒවාට නිසි ප්‍රතිචාරයක් නොමැති බවද සභාපතිවරයා පවසයි.

බේකරි නිෂ්පාදන අලෙවියද විශාල ලෙස අඩුවී තිබෙන බවත්, බනිස් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 100ක් දක්වා වැඩිවීම වැළැක්වීමට නොහැකි බවද ඔහු කීවේය.

පෙට්‍රල් අර්බුදය නිසා චූන් පාන් වාහනවලින් සියයට 90ක්ම මේ වන විට නතර වී තිබෙන බවත්, බේකරි නිෂ්පාදන බෙදාහරින ලොරිවලට දින පහ හය ඉන්ධනහල්වල පෝලිමේ සිටීමට සිදුවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි. මේ නිසා බේකරි නිෂ්පාදන දෛනිකව බෙදා හැරීමද අඩපණ වී තිබෙන බව ඔහු කියයි.

Related posts

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

Mohamed Dilsad

MCC ගිවිසුම අත්සන් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Mohamed Dilsad

නීතිපතිගේ තීරණයක්, තාවකාලිකව අත්හිටුවයි

Editor O

Leave a Comment