දේශීය

MCC ගිවිසුම අත්සන් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

(UTV | කොළඹ) – ඇමෙරිකානු සහශ්‍රක සහයෝගීතා ගිවිසුම හෙවත් එම් සී සී ගිවිසුම රජය විසින් ස්ථිරවම අත්සන් නොකරන බව නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ධිධිකරණයට දැනුම්දෙනු ලැබීය.   

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මේ බව දන්වා සිටියේ පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමියන් / රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු පාර්ශව කිහිපයක් ගොණු කර ඇති පෙත්සම් අද සළකා බැලුණු අවස්ථාවේදියි.

සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් ඇක්සා ගිවිසුම මේ වනවිටත් අත්සන් කර ඇති බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ තීරණය බව ෆර්සානා ජමීල් මහත්මිය සඳහන් කරනු ලැබුවාය.

ප්‍රීති පද්මන් සූරසේන – ඒ එච් එම් ඩී නවාස් සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් වැඩිදුර විභාගය ලබන ජූනි 12 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

Related posts

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

Editor O

NMRA : එපික් ලංකා දත්ත ක්‍රියාකරු ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

Mohamed Dilsad

Leave a Comment