දේශීය

චීන සහල් 25දා කොළඹට

(UTV | කොළඹ) – චීනය විසින් මෙරටට ප්‍රදානය කරනු ලබන යුවාන් මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයේ පළමු කොටස ලබන 25 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි .

එම සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ ලබා දීම සිදුවන අතර එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන 30 වනදා කොළඹට වරායට ළඟාවීමට නියමිතය.

එම කාණ්ඩ දෙක මගින් ලබාදෙන සහල් මෙට්‍රික්ටොන් 10,000ක ප්‍රමාණය ‘පාසල් ආහාර වැඩසටහන’ යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින දරු දැරියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

Editor O

සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment