දේශීය

IMF සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ සහාය

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟ වූ අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟ විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පල කරන ලෙසයි .

Related posts

මහනුවර සිට මහියංගනය ට යන පිරිසට විකල්ප මාර්ග

Mohamed Dilsad

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක්

Editor O

Leave a Comment