ක්‍රීඩා

බාබර් අසාම් දූර්ලභ ගණයේ ක්‍රිකට් නීතියක් උල්ලංඝනය කෙරේ

(UTV |  මුල්තාන්, පාකිස්ථානය) – පාකිස්ථානය සහ බටහිර කොදෙව්වන් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය තුළදී පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් විසින් දුර්ලභ ගණයේ ක්‍රිකට් නීතියක් උල්ලංඝනය කර තිබෙනවා.

ඊයේ (10) පැවැති පාකිස්ථාන, බටහිර කොදෙව් එක්දින තරගය අතරවාරයේ දී බාබර් අසාම් විසින් කඩුළු රකින්නාගේ අත්වැසුමක් පැළඳ පන්දු රැකීම නිරත වීම නිසා අදාළ නීතිය උල්ලංඝනය වී ඇති බව තරග සංවිධායකයින් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ක්‍රියාකලාපයට දඬුවමක් ලෙස බටහිර කොදෙව්වන්ට ප්‍රසාද ලකුණු 05ක් ලබාදීමට කටයුතු කර තිබුණා.

ඔහු මෙලෙස උල්ලංඝනය කර තිබුණේ ක්‍රිකට් නීති සංග්‍රහයේ 28.1 නීතිය වන අතර එහි දක්වා ඇත්තේ කඩුළු රකින්නාට හැර වෙනත් කිසිදු පන්දු රකින්නෙකුට අත් වැසුම් හෝ පාද ආවරණ පැළැඳිය නොහැකි බවත්, යම් කිසි පන්දු රකින්නෙකුට සිය ඇඟිලි හෝ අත් සඳහා ආරක්ෂාවට යම් ආරක්ෂාවක් පැළැඳීමට අවශ්‍ය නම් එය විනිසුරවරයාගේ අනුමැතිය අනුව සිදුවිය යුතු බවයි.

Related posts

ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා ‍යෑමේ පුහුණු සැසියක [PHOTOS]

Mohamed Dilsad

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

Mohamed Dilsad

කොරෝනා අවධානම මැද ශ්‍රී ලංකාවට යන බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දුන් පණිවිඩය

Mohamed Dilsad

Leave a Comment