දේශීය

චීන තානාපති හිටපු ජනපති හමුවෙන්න පොළොන්නරුවට යයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර හමුවක් සිදුවී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිවසේදී ඊයේ (10) එම හමුව සිදුවී ඇත.

පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී චීනයට ප්‍රසාදය පළ කර තිබුණි.

තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කර තිබේ.

Related posts

අදත් ප්‍රදේශ් රැසකට වැසි

Mohamed Dilsad

රුසියානු දූත පිරිසක් දිවයිනට (PHOTOS)

Mohamed Dilsad

පොදුජන පෙරමුණේ ලාංඡනය ගැන දයාසිරි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment