දේශීය

චීන තානාපති හිටපු ජනපති හමුවෙන්න පොළොන්නරුවට යයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර හමුවක් සිදුවී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ පොළොන්නරුවේ පිහිටි නිවසේදී ඊයේ (10) එම හමුව සිදුවී ඇත.

පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී චීනයට ප්‍රසාදය පළ කර තිබුණි.

තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කර තිබේ.

Related posts

පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය වෙන ලකුණු

Mohamed Dilsad

ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපල

Mohamed Dilsad

දිල්රුක්ශි ඩයස්ට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment