කලා

ජස්ටින් බීබර් රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි

(UTV |  කැනඩා) – ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් අංශභාග රෝගී තත්ත්වයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් එක්කරමින් එම රෝගී තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකර තිබුණි.

ජනප්‍රිය කැනේඩියානු ගායක ජස්ටින් බීබර්, සිය මුහුණේ අර්ධයක් අප්‍රාණික වී ඇති බව එලෙස අනාවරණ කර තිබේ.

28 හැවිරිදි බීබර් එම වීඩියෝව හරහා පවසා තිබුණේ,

“ඔයාලට දකින්න පුළුවන් මේ පැත්තේ.. ඇස්පිය හෙළන්න මට බැහැ. මුහුණේ මේ පැත්තෙන් මට හිනාවෙන්නත් බැහැ. මේ නාස් කුහරය හෙලවෙන්නෙ නැහැ. මොකද මගේ මුහුණේ මේ පැත්තම රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා තියෙන්නේ.”

 

View this post on Instagram

 

A post shared by Justin Bieber (@justinbieber)

 

ඉකුත් පෙබරවාරි මාසයේ ජස්ටින් බීබර්, ප්‍රසංග මාලාවක් ආරම්භ කළ අතර රෝගී තත්ත්වය හේතුවෙන් එහි ප්‍රසංග තුනක් කල්දමා තිබේ.

Related posts

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

හොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය ?

Mohamed Dilsad

ශංකර්ගේ චිත්‍රපටයේ රාම්ට ද්විත්ව චරිත

Mohamed Dilsad

Leave a Comment