කලාවිදෙස්

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

(UTV |  කොල්කටා) – ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 53 වන වියේ පසු වූ බව ය.

ඊයේ (මැයි 31) රාත්‍රියේ කොල්කටාහි පිහිටි රෝහලකදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.

ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර, KK බටහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ ශ්‍රීමත් ගුරුදාස් මහාවිද්‍යාල විද්‍යාලයේ නස්රුල් මංචාහි ප්‍රසංගයක් ද පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ආරංචි මාර්ගවලට අනුව, ප්‍රසංගය අතරතුර KKට අසනීපයක් තත්ත්වයක් දැනී තිබුණ ද ඔහු එය නොතකා ප්‍රසංගය අවසන් වන තුරු ඉදිරිපත් කිරීමේ නිරත වී සිට තිබේ.

අද (ජූනි 1) ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

දශක තුනක කාලයක් බොලිවුඩ් චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ KK අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් විය.

දිල්ලියේ උපත ලද KK, ඔහුගේ පළමු ගීත ඇල්බමය වන ‘Pal’ නිකුත් කළේ 1999 වසරේදී ය.

ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.

Related posts

කොරෝනා XE වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත මුලින්ම වයස්ගත කතකට ලබාදෙයි

Mohamed Dilsad

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයට සිංහල භාෂා පුස්තකාලයක්

Mohamed Dilsad

Leave a Comment