දේශීය

ශෂීගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි

(UTV | කොළඹ) –  අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකාරිනිය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත්කල ඇප ඉල්ලීම සළකා බැලීම හෙට දිනය දක්වා කල් දමා තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතායි නියෝගය ලබාදුන්නේ. නිතිපතිවරයා වෙනුවෙන් නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියම කළා.

මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඇයගේ නීතීඥයන් විසින් මෙම නඩු තීන්දුව දුන් දිනයේදීම මෙම ඉල්ලීම සිදුකල අතර එම ඇප ඉල්ලීම සම්බන්ධ අභියාචනය සළකා බැලීම අද දක්වා කල්තැබීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පසුගිය සිකුරාදා තීන්දු කළේ.

අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පසුගියදා නියෝග කළේ.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

අගමැතිනි සුපර්මාකට් ගිහින් බඩු ගත්තට. කුලීවැඩ කරන මිනිස්සු සතොස පෝලිමේ හිටියොත් දවසේ වැටුප නැහැ. – චාමර සම්පත්ගෙන් ආධුනිකයන්ට ප්‍රයෝගික පාඩමක්

Editor O

ප්‍රදේශ රැසකට වැසි රහිත කාළගුණයක්

Mohamed Dilsad

Leave a Comment