දේශීය

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා වෙයි

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හමුවේ වියදම් අවම කර ගැනීමේ අරමුණින්, අද සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ නිකුත් කළා.

ඒ අනුව ජනතාවට ඉටුවන කාර්යයන්ට බාධාවක් නොවන පරිදි රජයේ නිලධාරීන් සේවයට කැඳවීමේ බලය අමාත්‍යංශ හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවනවා.

Related posts

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

Editor O

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment