විදෙස්

MonkeyPox තවත් රටවල් 3කට පැතිරෙයි

(UTV | කොළඹ) – රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු පැපොල (monkeypox) රෝගය ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම රෝගය පළමු වරට ගල්ෆ් කලාපයේ රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වී ඇති බව ය.

ඊට අමතරව, චෙක් ජනරජය සහ ස්ලෝවේනියාව යන රටවල් දෙකෙන් ද මෙම රෝගය වාර්තා වී තිබේ.

මීට පෙර රටවල් 18කින් මෙම රෝගය වාර්තා වී තිබිණි.

මෙය පළමු වරට හමුවූයේ, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව යන මහද්වීප ආශ්‍රිතව ය.

මෙම රෝගයේ ලක්ෂණ වන්නේ, උණ සහ පැපොල වැනි දද හට ගැනීම ය.

Related posts

චීනය BBC ලෝක සේවාව අත්හිටුවයි

Mohamed Dilsad

රාමේෂ්වරම් ධීවරයින් වර්ජනයක

Mohamed Dilsad

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment