දේශීය

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් බලපත්‍ර තහනම ජුලි 25 දක්වා යලි දීර්ඝ කර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිත කළ බවට අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ අද කැද වූ අවස්ථාවේයි ඔහුගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේ.

කබ්රාල් මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මී ළග නඩු දිනයේ කබ්රාල් මහතා පෙනී සිටින බවයි.

Related posts

2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය

Mohamed Dilsad

ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ 182 ක් අද නිවෙස් වෙත

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

Editor O

Leave a Comment