දේශීය

“ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ” – මහබැංකු අධිපති

(UTV | කොළඹ) – මේ වනවිට රටතුල යම්කිසි දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවන ආකාරයක් දැකගත හැකි නිසා තමන්ට ධූරයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පවතින ආර්ථික අර්බුධයෙන් රට මුදා ගැනීමේ සිය මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාමට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බවයි.

පසුගිය මැයි 09 වෙනිදා රටතුල ඇතිවූ කලහකාරී සිදුවීමෙන් අනතුරුව ඇතිවූ දේශපාලන අස්ථාවරත්වයට සති දෙකක් තුල විසදුම් නොලැබුණහොත් තමන් මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් කර මූල්‍ය පහසුකම් ලබාගැනීමට ගතවන කාලය සම්බන්ධයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

Related posts

IOC පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි

Mohamed Dilsad

ජනපති ද්‍රවිඩ පක්ෂ වෙත කළ දැනුම්දීම

Mohamed Dilsad

නීතිවිරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment