දේශීය

අදත් හෙටත් පෙට්‍රල් පෝලිම් වල ඉන්න එපා

(UTV | කොළඹ) – ජනතාව පෝලිම්වල සිටියද ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් සැපයීමේ හැකියාවක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේවනවිට දිවයිනට පැමිණ ඇති පෙට්‍රල් නෞකාව අදාළ මුදල් සොයා ගැනීමෙන් අනතුරුව අද හෝ හෙට නිදහස් කර ගැනීමට උත්සාහ කරන බවත් මෙය යථා තත්ත්වයට පත්වන විට සෙනසුරාදා, ඉරිදා පමණ වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් ඩීසල් තොග මෙරට ප්‍රමාණවත් පරිදි තිබෙන බවත් එහි ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි අමාත්‍යවරයා ඊයේ දින (18) වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

රනිල්ගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

මිතුරා සමග නිවසින් ගිය තරුණයාගේ සිරුර ගල් දෙබොක්කාවක

Mohamed Dilsad

නීතිඥ සර්ජුන් ජමාල්ඩීන් රචනා කළ ග්‍රන්ථ තුනක් එළි දක්වයි.

Editor O

Leave a Comment