දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වෙලාව මෙතනින්

(UTV | කොළඹ) – අද(18) දිනයේ පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප වලට උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර පැය 1.40ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

CC කලාප වලට උදෑසන 6.00 සිට උදෑසන 9.00 අතර පැය 3ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව M,N,O,X,Y,Z කලාප වලට උදෑසන 5.00 සිට උදැසන 8.00 දක්වා පැය 3ක විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

Related posts

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ශානිගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරෙයකු ඉවත් වෙයි

Mohamed Dilsad

ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි

Mohamed Dilsad

Leave a Comment