දේශීය

ගෘහස්ථ ගෑස් නෑ – පෝලිම්වල නොසිටින ලෙස දන්වයි

(UTV | කොළඹ) – ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් නොකරන බැවින් ගෑස් පෝළිම්වල රැඳී සිටීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ ගෘහස්ථ ගෑස් තොග අවසන්වී ඇති අතර කාර්මික කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කෙරෙන බවයි.

මේ අතර මෙට්‍රික් ටොන් 3500 ක් බැගින් වන ගෑස් නෞකා 02 ක් සඳහා අද දිනයේදී ඩොලර් මිලියන 07 ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයිද සභාපතිවරයා සඳහන් කළා.

එම ගෑස් තොග ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර දිවයිනට ළගාවීමට නියමිතව ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේ.

Related posts

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

සහල් සඳහා උපරීම සිල්ලර මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment