දේශීය

අගමැති අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් හමුවෙයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් හමුවීමට නියමිත බව වාර්තා වේ.

මැයි 06 වැනිදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

විකල්ප ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවට ලබාදුන් සහතිකයට යටත්ව අගමැති වරයා ඉල්ලා අස්වීමට එකඟ වී තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පැවැත්වෙන රැස්වීමේදී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරයිද යන්න අපැහැදිලියි.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් සියලු චෝදනාවලින් නිදහස්

Mohamed Dilsad

වාහන මිල වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව තෙවෙනි තැන

Editor O

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

Editor O

Leave a Comment