දේශීය

හිටපු ආරක්ෂක ලේකම් සියලු චෝදනාවලින් නිදහස්

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියෝග කළේ ය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශ කළේ ය.

විත්ති වාචිකයක් නොකැඳවා ම අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

2019 අප්‍රේල් 21දා පාස්කු දින බෝම්බ පිපිරීමෙන් සිදු වූ ජීවිත හානි වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, මරණයට පත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු නොසලකා හැරීම නිසා ම මිනී මැරීමේ වරදට වගකිව යුතු බව ද තුවාල ලැබූ පුද්ගලයන්ට අදාළව මිනී මැරීමට තැත් කිරීමේ වරදවල් යටතේ ද නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙලෙස වෙන වෙන ම අධිචෝදනා ගොනු කර තිබිණි.

Related posts

අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

Mohamed Dilsad

සිරකරුවන් 173 කට පොසොන් වෙනුවෙන් අද නිදහස

Mohamed Dilsad

මෙරට ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment