විදෙස්

Twitter භාවිත කරන්නන්ගෙන් ගාස්තුවක්

(UTV | කොළඹ) – ව්‍යාපාර සහ රජයේ කාර්යයන් වෙනුවෙන් Twitter සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම සඳහා ඉදිරියේදී ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ටෙස්ලා සමාගමේ ප්‍රධානී ඊලොන් මස්ක් පවසයි.

ට්විටර් සමාගම වෙනුවෙන් ඊලොන් මස්ක් ඉදිරිපත් කළ අමෙරිකානු ඩොලර් බිලියන 44ක ලන්සුවට ට්විටර් අධ්‍යක්ෂ මණ්ඩලය එකඟත්වය පළ කිරීමෙන් පසුව ඔහු මේ අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ, සාමාන්‍ය ට්විටර් භාවිත කරන්නන් (casual users) වෙනුවෙන් නොමිලේ සේවා සැපයෙන බව ය.

ඔහු මීට පෙර පවසා තිබුණේ, නව විශේෂාංග හඳුන්වා දෙමින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පවතින තත්ත්වයට වඩා උසස් තත්ත්වයකට ගෙය යා යුතු බව ය.

Related posts

සාගර ජීවීන්ටත් පී.සී.ආර් පරීක්ෂණ

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ විවාද සටනින් ජෝ බිඩ්න්ට ජය

Mohamed Dilsad

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment