දේශීය

හෙට හර්තාලයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහය

(UTV | කොළඹ) – හෙට (06) පැවැත්වීමට සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සාමාන්‍ය ජනතාවට අපහසුතා සිදුවීම අවම කරමින් හර්තාලයට සහය දක්වන බව ය.

රජයේ රෝහල්වල සාමාන්‍ය පරිදි කටයුතු කිරීම සහ සියලු ම හදිසි ප්‍රතිකාර සිදු කිරීමට ඔවුන් පියවර ගනු ඇත.

එදින චැනල් සේවයෙන් ද වැළකී සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික තත්ත්වය ගැන ලෝක බැංකුවේ නවතම විශ්ලේෂණය මෙන්න

Mohamed Dilsad

පෙර පාසල් ආරම්භ කරන දිනය ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment