දේශීය

අගමැති ඉවත්වෙයි?

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රමාත්‍යවරයා ඉවත්වුවහොත් අමාත්‍ය මණ්ඩලයද අහොසි වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමටද සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ජාතික එකඟතා ආණ්ඩුවක් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජතයන්, ස්වාධීන වූ පක්ෂවල නියෝජතයන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ පසුගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණද ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම් සඳහා ඇහුම්කන් දිමට අග්‍රාමාත්‍යවරා සූදානම් බවයි.

Related posts

පොලිස් සැරයන්ලා දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට‍

Mohamed Dilsad

අන්තර් පළාත් බස් රථ ධාවනයට හෙට සිට වැඩි ප්‍රමුඛත්වයක්

Mohamed Dilsad

Leave a Comment