දේශීය

සුරාසල් වැසෙයි

(UTV | කොළඹ) – ලෝක කම්කරු දිනය සමරමින් අද මැයි පෙළපාලි ගමන් කරන මාර්ග සහ රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් අලෙවිසැල් අද දහවල් 12 සිට දිනය අවසන් වනතෙක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මැයි දින පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ග සහ රැස්වීම් පැවැත්වෙන ස්ථාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, එම මාර්ග සහ රැස්වීම් භූමිය ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් හල් සම්බන්ධයෙන් මෙම නියෝගය බලපැවැත්වෙනු ඇති.

සුරාබදු කොමසාරිස් ජනරාල් මේ බව නිවේදනය කළා.

Related posts

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment