විදෙස්

අවුන් සාන් සුකීට මියන්මාර් විශේෂ අධිකරණයක් දුන් නියෝගය

(UTV |  මියන්මාරය) – මියන්මාර් හි විශේෂ අධිකරණයක් විසින් එරට ප්‍රජාතන්ත්‍රවාදි නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 05 ක සිරදඩුවමක් නියම කර තිබේ.

ඒ දූෂණ චෝදනා යටතේ ය.

මේ අනුව අවුන් සාන් සුකී ට එරෙහි නඩු විභාග මාලාව යටතේ දැනට ඇයට හිමි වී ඇති සිරදඩුවම් කාලයක වසර 11 කි.

මියන්මාරයේ හමුදා නායකයින් විසින් එරට ජනවරමකින් පාලන බලය හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමා 2021 පෙබරවාරි මාසයේදී පාලන බලය හිමිකර ගත්තේය.

එතැන් සිට ඇයට එරෙහිව නඩු විභාග කිහිපයක් පැවැත්වුණි.

කෙසේ වෙතත් මෙම නඩු විභාග රහසිගතව පවත්වන බවටයි ජාත්‍යන්තර පාර්ශව රැසක් චෝදනා කරන්නේ.

Related posts

අබ්දුල් ෆටා ඊජිප්තු නායකත්වයට දෙවනරටත් තේරී පත් වෙයි

Mohamed Dilsad

රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතයට තහංචිද?

Mohamed Dilsad

Leave a Comment