දේශීය

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට වර්ජනයකට සූදානම්

(UTV | කොළඹ) –  ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය හමුවක් අද (27) දින කොළඹ පිහිටි සංගම් ශාලාවේ දී පැවැත්වූ බව වාර්තා වනවා.

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ජනතාවට සුදුසු ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ දී යන ලෙස යි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙහි දී ලංකා ගුරුසේවා සංගමය සභාපති ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින්, හෙට දිනයේ මෙම රජය ගෙදර යැවීමට සියලු කටයුතු සූදානම් බව සඳහන් කර තිබෙනවා.

රට අස්ථාවර කර ඉදිරියට යා නො හැකි බව හා උද්ඝෝෂණයෙන් පසු ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව යි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසා ඇත්තේ.

Related posts

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට, යූටියුබ්කරුවෙක් නොසන්සුන්තාවක් ඇති කිරීමේ උත්සාහයක

Editor O

Leave a Comment