දේශීය

ඇණ සහිත බැරියර් ගැන නීතීඥ සංගමයෙන් දැඩි අවධානය

(UTV | කොළඹ) – අද (24) දිනයේ කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීමෙන් ජනතාවට බරපතල තුවාල සිදුවිය හැකි තතත්වයක් මතු කිරීම පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ.

නීතීඥ සංගමය රජයට නැවතත් අවධාරණය කරන්නේ, පොලිස්පති පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම පිණිස බවයි.

යම් කිසි හේතුවකින් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත් කර දීමට තුඩු දිය හැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

කාලගුණ අංශය ධීවරයින්ට අනතුරු අඟවයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

Leave a Comment