දේශීය

ආර්ථික සහාය සාදරයෙන් පිළිගන්නවා – ජනපති

(UTV | කොළඹ) – මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහයවීම සඳහා ලබාදෙන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජපානයේ කුමමොටෝ හි ඇරැඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති සහ අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත්වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජල සමුළුව අමතමින් පැවසීය.

මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙති.

Related posts

අග්‍රාමාත්‍යවරයාගේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳ කැබිනට් තීරණයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment