දේශීය

අග්‍රාමාත්‍යවරයාගේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට

(UTV| කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ (02) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   

මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ.

එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

කෙසේවෙතත් මේ වන විට අදාළ වෙබ් පිටුව යථා තත්ත්වයට පත්කිරීමට හැකියාව ලැබී ඇත.

 

 

 

 

Related posts

කරවල මිල අඩුවෙයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

Mohamed Dilsad

සුරාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment