දේශීය

කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ආනයනික කිරිපිටි මිල ලබන සතියේදී බෙහෝ දුරට ඉහළ දමනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, මේ වන විට කිරිපිටි තොග අවසන් බවත් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබෙන බවත්ය.

ඒ අනුව, කිරිපිටි තොග ලැබුණු පසු අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ආනයනික කිරිපිට මිල මාර්තු 19 වන දා ඉහළ දැමූ අතර ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රු. 250කින් සහ කිලෝ ග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 600කින් ඉහළ දැමීමට එම සංගමය කටයුතු කර තිබිණි.

මිල ඉහළ දැමීමත් සමග ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 790කට ය.

කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් අලෙවි වන්නේ, රු. 1945කට ය.

Related posts

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස හිරුණිකා ඉදිරියටත් කටයුතු කරනවා – සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Editor O

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

Leave a Comment