විදෙස්

යුක්රේන ජනපති IMF සමග සාකච්ඡා

(UTV |  යුක්රේනය) – පශ්චාත් යුධමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර තිබෙනවා.

දැනට පවතින යුධමය තත්වය කිසියම් දිනක අවසන් වුවහොත් ආර්ථික ස්ථාවරභාවයක් ඇති කර ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමුකල බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දැන් සිටම එවැනි එකගතාවයක් ඇතිගර ගැනීම හරහා අනාගතයේ ඇතිවිය හැකි ආර්ථික අර්බුදයක් වළක්වාගැනීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර මෙම සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සාකච්ඡා සඳහා යුක්රේන අග්‍රාමාත්‍යවරයාද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Related posts

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ඩෙන්මාර්ක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment