දේශීය

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

(UTV | කොළඹ) – සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ සාකච්ඡාවේ දෙවන වටයට සහභාගි නොවීමට පක්ෂ 11 ක එකමුතුව තීරණය කර තිබෙනවා.

පවතින ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්වී අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා වන සැබෑ උවමනාව පෙන්විය යුතුව තිබියදී ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ දී නව රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීමට කටයුතු කිරීම හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවයි එම පක්ෂ 11 එකමුතුව සඳහන් කළේ.

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට අදාළව ජනාධිපතිවරයා සමග පසුගිය ඉරිදා දිනයේදී මෙම පළමු සාකච්ඡාව පැවැත්වුණා.

Related posts

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

නුවරවැව රක්ෂිතයට අදාළ අභියාචනා විමර්ශනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අමාත්‍ය අනුකමිටුවක්

Editor O

විෂ දුමක් නිසා සිසුන් 50ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment