දේශීය

දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට නියෝග

(UTV | කොළඹ) – සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හා ”ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්” ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ කර ගත හැකි වන පරිදි ඔවුන්ගේ සියලුම නිල ජංගම දුරකතනය පැය 24 පුරා ම සක්‍රියව තබාගත යුතු බවට පොලිස්පතිවරයා දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට නියෝග කර තිබේ.

පොලිස්පතිවරයා මෙසේ නියෝග නිකුත් කර ඇත්තේ ඇතැම් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් සිය රාජකාරි දුරකතන ක්‍රියාවිරහිත කර හෝ ශබ්දය නොඇසෙන ලෙස තැබීම හේතුවෙන් එම දුරකතනවලට ගන්නා ඇමතුම් මගහැරී යන බව නිරීක්‍ෂණය වී ඇති හෙයින් බව ද කියයි.

රට තුළ මහජන සාමය පවත්වාගෙන යාම යම් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් මෙම වකවානුවේදී සිය නිල ජංගම දුරකතනය පැය 24 පුරා සෑම අවස්ථාවකදී ම සක්‍රිය කරගෙන සිටිය යුතු බව පොලිස්පතිවරයා දන්වා තිබේ.

එමෙන් ම පැය 24 පුරා ඕනෑ ම අවස්ථාවකදී ලැබෙන දුරකතන ඇමැතුම්වලට අදාළ නිලධාරීන් පිළිතුරු සැපයිය යුතු බවද පොලිස්පතිවරයා සියලු ම ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට දැනුම් දී තිබේ.

සියලු ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ භාර නිලධාරීන් වෙත පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් නිල දුරකතන සිම්පත් නිකුත් කර ඇත.

Related posts

දෙවන බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට පියවර

Mohamed Dilsad

කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි

Mohamed Dilsad

Leave a Comment