දේශීය

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි

(UTV | කොළඹ) – දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ .

උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, පවතිව අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 03 බැගින් මේ වන විට විවෘත කර තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ තත්පරයට ඝන අඩි 8,400ක් එම වාන් දොරටුවලින් නිකුත් කරමින් පවතින බවය.

Related posts

ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඊලොන් මස්ක් වැඩි කැමැත්තක් නැති හැඩ..?

Editor O

රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියටත් අඛණ්ඩව

Mohamed Dilsad

පක්ෂයේ තනතුරු වෙනසකට ශ්‍රීලනිපය අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment