විදෙස්

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

(UTV |  ලාහෝර්) – පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා එරට ජාතික සභාව අද (11) උදෑසන 11 ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව බොහෝ දුරට එරට විපක්ෂ නායක සහ මුස්ලිම් ලීගයේ සභාපති ෂෙබාස් ශරීෆ් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

70 හැවිරිදි වියේ පසුවන මොහු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා ද වනවා.

ෂෙබාස් ශරීෆ් සමඟ පාකිස්ථාන අග්‍රාමාත්‍ය තනතුර සඳහා හිටපු විදේශ අමාත්‍ය මොහොමඩ් කුරේෂි ද නාම යෝජනා ලබා දී තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවකින් එම ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබුවා.

Related posts

නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

කොරෝනා වෙනුවෙන් ඉන්දියාව පකිස්ථානය හා අමෙරිකාව අතර ගිවිසුමක්

Mohamed Dilsad

අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment