දේශීය

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

(UTV | කොළඹ) – මීට පෙර ගැසට් පත්‍රයේ පළ නොකරන ලද ඖෂධවල මිල 20%කින් ඉහළ නැංවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) අනුමැතිය ලබා දී තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, අදාළ මිල ගණන් අප්‍රේල් 8 වන දා සිට බලාත්මක වන බව ය.

රුපියල අවප්‍රමාණ වීම සැලකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹ ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.

මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වන දා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනු ලැබ ඇත.

Related posts

දුම්වැටි ගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අත්අඩංගුවේ

Mohamed Dilsad

විමල් සහ ගම්මන්පිල පසු පෙළට

Mohamed Dilsad

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment