දේශීය

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වී නව අන්තර්කාලීන පාලනයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

අද (07දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි නව පාලනයකට ගොස් අවම වශයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ විදෙස් විනිමය සංචිතය ශක්තිමත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර ශේණිගත කිරීම් ඉහළට නංවා ගැනීමෙන් අනතුරුව නැවතත් ජාත්‍යන්තර වෙළඳපොළට ගොස් ඩොලර් ණය ලබාගැනීමට හැකිවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

Mohamed Dilsad

අද සිට බලාත්මක වන ඔන්ලයින් පනත

Mohamed Dilsad

Leave a Comment